1 වසර සිසුන්ගේ නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ
රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙම තිළිණපත්වල වලංගු කාලය 2020 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
