10දා සිට දුම්රියෙන් යන්න ලියාපදිංචිය අවශ්‍ය නැහැ
දුම්රියෙන් ගමන් කරන රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් ලබන 10 වැනිදා සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනවශ්‍ය බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. පොල්වත්ත පවසයි.
මෙම සතියේ දුම්රිය ආසන විසි එක්දහස් හයසිය දාහතක් මගීන් වෙනුවෙන් වෙන් කළ බවත් මගීන් දහනව දහස් පන්සිය අසූ අටක් දුම්රියේ ගමන් කිරීමට ලියාපදිංචිව සිටින බවත් සඳහන් කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා එම පිරිසෙන් ඊයේ (01 වැනිදා) ගමන් කර ඇත්තේ මගීන් හත්දහස් හාරසිය හතළිස් හයක් පමණක් බවද කීවේය.
ශිරන්තනී මානවඩු
