නව ආසාදිතයන් 536ක් අලුතින් හඳුනාගෙන
අද (11) ආසාදිතයන් 536ක් අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
එම පිරිසෙන් ආසාදිතයින් 461ක් දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 75 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇත. මේ අනුව සමස්ත ආසාදිතයින් ගණන 31,149ක් දක්වා ඉහල ගොස් තිබේ.
අද (11) ආසාදිතයින් 570ක් පූර්ණ සුවය ලබා නිවෙස් කරා ගොස් ඇති අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 22,831ක් බව පැවසෙනවා.
