News

13 ප්‍රෙස් එකට ගිය මාධ්‍ය වේදියාට කොරෝනා දැයි සැකයක්

 

 

පසුගිය දිනෙක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවති මාධ්‍ය හමුවකට සහභාගී වූ මාධ්‍ය වේදියෙකුට කොවිඩ් අසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් එ සම්බන්ධව තවමත් පරක්ෂණ කටයුතු සිදුකරන බවත් පැවසෙනවා.

එම මාධ්‍ය හමුව 2020 ඔක්තෝම්බර් මස 13 වන දා පෙ.ව 9.30ට පවත්වා ඇත.

මේ නිසා ඒ සඳහා සහභාගී වී සිටි සියලු මාධ්‍ය වේදීන්ගේ තොරතුරු අදාල සෞඛය අංශ වෙත දැනුම්දී ඇත. මෙනිසා අවශ්‍ය තාවයක් ඇතිවුව හොත් සෞඛය අංශ විසින් එම මාධ්‍ය වේදීන් වෙත කඩිනමින් දැනුම් දෙන බව පැවසේ .

කෙසේ වෙතත් කොවිඩ් අසාදිත බවට සැක කෙරෙන මාධ්‍ය වේදියාගේ ඉදිරි සෞඛය පරීක්ෂණ ප්‍රතිපල ලැබෙන තෙක් අදාල මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍ය වේදීන් බාහිර සමාජයට නිරාවරණය නොවන ලෙසට දැනුම් දී ඇත.

මේ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.