14වන කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට තුළ සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.
කොවිඩ්-19 වෛරසයට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගිය බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

