News

20ට ජනමත විචාරණ අවශ්‍ය නැහැ – නීතිපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව සහ එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කලයුතු බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

මේ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා.

“එයට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් අදාළ නොවන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 පහ අනුව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාවෙන් 2/3 ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බව ය.“ වශයෙන් පැවසුවා.