News

20 කෙටුම්පතක් නීතිපතිවරයා වෙතට – අධිකරණ අමාත්‍ය

මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කර ඇති බව පැවසෙනවා.

මේ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත. ඒ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යෝජිත කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ බව දේශාපලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට දින (02) පස්වරු 04.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි.