News

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී ඊට අනුමැතිය හිමිව ඇත.

ඉන් පසුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ.

ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.