නවතම ප්‍රවෘත්ති

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ක්‍රමයේ, බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (5දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසිනි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් එය ස්ථිර කරනු ලැබූ අතර ඊට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් ඉදිරියේදී පැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධන පනතක් වන මෙය පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත වීම අනිවාර්යය. එසේ නොවුණහොත් පාර්ලිමේන්තු සරල බහුතරයක් සමඟ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුය.