News

20 වැනි සංශෝධනය ගැන අනුරගෙන් ප්‍රකාශයක්.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව ශිෂ්ඨත්වයේ සිට අශිෂ්ඨත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටිනවා.

ඒ අද දින (04) පැවති මාධ්‍ය හමුවක දී යි. මේ බව ප්‍රකාශ කලේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා යි.

“20 වන සංශෝධනය හරහා යළි මේ ආණ්ඩුව උත්සහ කරමින් සිටින්නේ ශිෂ්ඨත්වයේ සිට අශිෂ්ඨත්වය කරා යාමට. අපි දන්නවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා යම් යම් අඩුපාඩුකම් සහිතව තිබුණේ. එහි කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ජනතාව අපේක්ෂාකරන ලද ස්වාධීනත්වය අසමත් වී තිබුණා, එය අපි පිළිගත යුතුයි,”

“ආණ්ඩුවක් සමාජය ශිෂ්ඨත්ව කරා ගෙන යනවා නම් කළ යුතුව තිබුණේ එම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාකාර කරවීම හෝ අනෙකුත් ආයතන මෙහෙයවීමේ දී හෝ යම් අඩුවක් තිබුණා නම් ඒ අඩුව නිර්මාණය කිරීම සඳහා සංශෝධනයකට යා යුත්තේ, නමුත් ඒ වෙනුවට ඒ ක්‍රියාකාරීත්වයේ තිබූ යම් අඩුපාඩුකම් ඉවහල් කරගනිමින්, එය සම්පූර්ණයෙන්ම ගලවා ජනාධිපතිවරයා අතට යළි කේන්ද්‍රගත වීම මෙහි අඩංගු වී ඇත්තේ,“

යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා එම හමුවේ දී ප්‍රකාශ කළා.