20 සංශෝධනය ගෝත්‍රික සමාජයකට යළි ගමන් කිරීමක්
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත්, ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට යළි ගමන් කරන නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි අතිපූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නායක හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය අත්තංගනේ ශාසන රතන නායක හිමියන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.
මේ මොහොතේ ලෝකයේ බොහොමයක් රාජ්‍ය අනුගමනය කරන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකට පරීක්ෂාවට ලක්වෙමින් තුලනය පවත්වාගත යුතුය යන්න සම්මත පිළිගැනීමයි. සංවරණ හා තුලන ක්‍රියාවලිය ලෙස එය පිළිගනු ලබන අතර 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුළින් ජේ. ආර්. ජයවර්ධන මහතා එකී සංවරණ හා තුලන ක්‍රියාවලිය අහෝසි කර විධායකයට අසීමාන්තික බලයක් කේන්ද්‍රගත කරගන්නා ලදී. ඒ මොහොතේ පටන්ම එකී බලයේ අහිතකර තත්ත්වය පිළිබඳ විශාල සංවාදයක් පැන නැගුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසර 37 කට පසු 2015 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදයට සාධනීය එකතු කිරීමක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. එමගින් සිදුවූයේ ජයවර්ධන මහතා විසින් අහෝසි කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ සංවරණ හා තුලන ක්‍රියාවලිය බලාත්මක කිරීමයි. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකරනු ලබන්නේ යළිත් වතාවක් සංවරණ හා තුලන ක්‍රියාවලිය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අභියෝගයට ලක් කිරීමයි. මෙහි කෙළවර නිසැක වශයෙන්ම සටහන් වනු ඇත්තේ ඒකාධිපතිවාදයයි. අත්තනෝමතික බලාධිකාරියයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට අදාළව ආණ්ඩුව පවසන කරුණු වන්නේ ඊට පෙර සම්මත කර තිබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඉදිරි ගමනට ඇති බාධා ඉවත් කිරීමට බවකි. එය එසේමද යන්න ගැඹුරින් පැහැදිලි කරගත යුතුව තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ යහ පැවැත්මට මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තහවුරු කිරීමට හේතුවූ කරුණු කිහිපයකි.
අසීමාන්තිකව ජනාධිපතිවරයාගේ දුර දැරීමේ වාර ගණන 19 වන ව්‍යවස්ථාවේ 31 (2) අනුව දෙවතාවක් කිරීම,
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හෝ ජනාධිපති ධුර දැරීම අහෝසි කිරීම, ඉහළ තනතුරු සඳහා රාජ්‍ය නිලධාරීන් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම,
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම,
උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ලබාගැනීම.
ඉහත සඳහන් කරුණුවලින් පමණක් වුවද තහවුරු වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව සඳහන් කරන ආකාරයට අගතිගාමී එකක් නොවන බවයි. මෙහි සම්පූර්ණ නොවූ සමහර කරුණු කාරණා හේතුවෙන් තාක්ෂණික දුබලතා ඇති බවට නීති විශාරදයන් පෙන්වා දී තිබේ. ඒ අනුව කළ යුතුව ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තාක්ෂණික දුබලතා ඇත්නම් එකී දෝෂ මගහරවා ගැනීමට නීති සම්පාදනය කිරීම වුවද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කර ඇත්තේ රටේ ඉදිරි ගමනට සාධනීය ලක්ෂණ එකතු කිරීම නොව රට ආපස්සට ගමන් කරවන නිශේධනීය සාධක එකතු කිරීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වුවද 20 වන සංශෝධනයෙන් ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය විගණනයෙන් ඉවත් කර ඇත. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 සහ 4 තුළින් තහවුරු කර ඇති පරමාධිපති බලය ජනතාව සතු වන්නේය යන්න අහෝසි වේ.
20 වැනි සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44, 45, 47 ව්‍යවස්ථාව කියවීමට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජනවරමට අනුව ස්වාධීන පැවැත්ම බලරහිත කෙරේ.
ඊට අමතරව සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව කියවීමට අනුව රාජ්‍ය සේවය සෘජු දේශපාලන බල අධිකාරියට යටත් කෙරේ. 20 වැනි සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 ව්‍යවස්ථාව කියවීමට අනුව මැතිවරණ ක්‍රියාවලිය ස්වාධීන ක්‍රියාකාරිත්වයෙන් අහෝසි කෙරේ.
20 වැනි සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 ව්‍යවස්ථාව කියවීමට අනුව අධිකරණ පද්ධතියේ ස්වාධීන පැවැත්ම අභියෝගයට ලක් කෙරේ. මෙම කරුණුවලින් වුවද තහවුරු වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ කිසිම ලෙසකින්වත් අවශ්‍ය නොවන බවයි. එබැවින් ඒ පිළිබඳව මහජන කතිකාවක් ගොඩනගා රටට උචිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයෙහිලා කටයුතු ආරම්භ කරන ලෙසත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව මගින් තහවුරු කරන ලෙසටත් ජාත්‍යාලයෙන් යුතුව ඉතා කාරුණිකව අවධාරණය කොට මෙයින් ඉල්ලා සිටිමු.
