2019 දී වැඩිම ණය ආසියානු සංවර්ධන බැංකුවෙන්
2019 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 3.37 නව ණය ලබාගෙන ඇත. මෙලෙස ණය ලබාදී ඇති ආයතන අතර ප්‍රමුඛයා වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 765ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කර ඇති ආසියානු සංවර්ධන බැංකුවයි.
ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 421ක් ලබාදෙමින් තෙවැන්නා බවට පත්ව ඇත.
මේ අතර චීනයේ අනුග්‍රහය ලබන ආසියානු යටිතල පහසුකම් ආයෝජන (Asian Infrastructure Investment Bank) 2019දී එක්සත් ජනපද ඩොලර් මිලියන 280ක් ලබාදෙමින් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් තුන්වන විශාලතම බහුපාර්ශ්වීය ණය දෙන්නා බවට පත්ව ඇත.
ද්විපාර්ශ්වික ණය දෙන්නත් අතර ජපානය ඇමරිකානු ඩොලර් මිලියන 282ක් සමග චීනයට වඩා වැඩි ප්‍රමාණයකින් දායකවෙමින් පළමු ස්ථානයට පත්ව ඇත. එක්සත් රාජධානිය ඇමරිකානු ඩොලර් මිලියන 143.9ක්ද, නෙදලර්ලන්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 128.2ක්ද, ප්‍රංශය ඇමරිකානු ඩොලර් මිලියන 84.9ක්ද ලබාදී තිබේ.
කොළඹ නගර සංවර්ධනයට මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට චීන ණයවලින් වැඩි කොටසක් ලබාදී ඇති අතර සැහැල්ලු දුම්රිය පද්ධතියක් වෙනුවෙන් ජපානය ණය ලබාදී ඇත. ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ලබාදී ඇත්තේ වරාය පිවිසුම් මාර්ගය සඳහාය.
නයන තරංග ගමගේ
