2021 දී ලෝකයේ ලොකු විනාශයක් සිදුවෙනවා
2021 වසරේදී ලොව මහා විනාශයක් සිදුවන බව බල්ගේරියානු අනාවැකි කියන්නියක් වූ බබා වන්ගා ප්‍රකාශ කර තිබේ.
1985 දී මියගිය බබා වන්ගා ඉදිරි වර්ෂ රැසක් තුළ ලොව සිදුවීම් හෙළිකර තිබුණි.
බාබා වැන්ගාගේ අනාවැකි බොහෝමයක් ඇස් පනා පිටම “ඇත්තක්” වුනු නිසාවෙන් බොහෝ දෙනා දැනටමත් ඇයව අදහන්න පටන් ගෙන තිබේ.
සුනාමිය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැනද ඇය කල්තියා අනාවරණය කර ඇත.
ඇය තවදුරටත් දක්වා ඇත්තේ 2021 දී විපත් රැසකට මුහුණ දීමට ලෝක ජනතාවට සිදුවන බවයි.
2021 වන විට යෝධයින් තිදෙනෙකු එක් වී “ශක්තිමත් මකරෙකු” මනුෂ්‍යත්වය අල්ලා ගන්නා විට ලෝකය විශාල ව්‍යසනයන්ගෙන් පීඩා විඳින බව ඇගේ ගුප්ත අනාවැකි ගොනුවේ සඳහන් විය.
ඇගේ අනාවැකි අතර සඳහන් වුනු තවත් අනාවැකියක් වන්නේ පිළිකා රෝගයට 2021 වන විට ප්‍රතිකාරයක් සොයා ගත හැකි වන බවටයි.
ඇය පසුගිය වසරේදීද යුරෝපයේ බිඳ වැටීමක් ගැන කියා තිබීම විශේෂත්වයක් වේ.
බල්ගේරියානු බබා වැන්ගාට ඇගේ දෑස් අහිමි වන්නේ දැවැන්ත කුණාටුවකටදීයි.
ඇය ඉන් අනතුරුවයි අනාගතය ගැන නොවරදින අනාවැකි කියන්නට පටන් ගෙන ඇත.

