News

2023 විදුලි බල අංශයේ ස්වර්ණමය වර්ෂය කරනවා

ශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති පවුල් තවමත් සිටින්නේ 12,500ක් පමණක් බවත් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය සියයට සියයකින්ම අවසන් කර ඇතත් ඇතැම් නිවාසවලට විදුලිය ලබා දීමට තරම් සුදුසු තත්ත්වයක නොමැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම පවුල් සඳහා සුර්ය විදුලි බල විදුලි පද්ධතිය බැගින් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇති බවත් ඉන්දියානු ණය ව්‍යාපෘතිය යටතේ ඒ් සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් එම වැඩපිළිවෙළ මහමැතිවරණයෙන් පසු ආරම්භ කිරිමට තීරණය කර ඇති බවත් අමාත්‍යවයරා සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහඳමෝදර නවගම්මානයට විදුලිය සැපයීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

“ලංකා විදුලි බල මණ්ඩලය දැනට පාඩු පිට පවත්වාගෙන යන ආයතනයක්. හේතුව තමයි පසුගිය වසර පහක කාලය තුළ අඩුම තරමින් විදුලිය ඒ්කකයකින්වත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ වැඩ පිලිවෙළක් ආරම්භ නොකිරීම. ඒ් නිසා ජාතික අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන් හදිසි මිල දී ගැනිම් යටතේ මිල දී ගන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වුනා.

නමුත් ජනාධිපති මට උපදෙස් දී තිබෙනවා දැනට හඳුනාගෙන ඇති විදුලි ව්‍යාපෘති වහාම ආරම්භ කරන ලෙසට. මම දන්නවා දැනට අප ගෙන යන වැඩ පිලිවෙල අනුව 2023 වනවිට රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම ලංකා විදුලි බල මණ්ඩලය යටතේ නිපදවීමට හැකියාව ලැබෙනවා. ඒ් අනුව 2023 වර්ෂය මේ රටේ විදුලි බල අංශයේ ස්වර්ණමය වර්ෂය බවට පත් කිරිමට මේ වනවිටත් අවහ්‍ය පියවර ගෙන තිබෙනවා”