News

28 සිට ඉර​ ලංකාවට මුදුනින්

මෙම මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පෘථිවියට සාපේක්ෂව සූර්යයා උතුරේ සිට දකුණු දෙසට ගමන් කිරීමේදී මෙම මස 28 වැනිදා සිට සැප්තැම්බර් 7 දා දක්වා කාලය තුළදී ඉර මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් කීවේය.

සාලිය කුමාර ගුණසේකර