News

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වෙයි – පක්ෂ නායක රැස්වීම 9.30ට

පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු සභාවාරයේදි අසුන් පෙර පැනවූ අයුරින්ම අද දිනයේ මන්ත්‍රීවරුන් සදහා ආසන පනවා ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී පවසනවා.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තු මහජන ගැලරියට සහ කථානායක විශේෂ ආරාධිත ගැලරියට ඇතුළුවීමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.

මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.