නවතම ප්‍රවෘත්ති

සිහින තරු කිරුළ අංජලී හේරත්ට!

දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (25) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි.

එහිදී අපූර්වා ආශාවරී, අංජලී හේරත් සහ විදූශා රාජගුරු යන තරඟකාරියන් තරඟ වැදුණු අතර ඉතාම තියුණු තරඟයකින් පසුව මෙම තුන් තරු තරුණියන් අතරින් සිහි තරු කිරුළට උරුමකම් කීමට අංජලී හේරත් සමත් විය.

එහි දෙවන ස්ථානය විදූශා රාජගුරු හිමි කරගත් අතර තෙවන ස්ථානය හිමි වූයේ අපූර්වා ආශාවරීටයි.