Latest News

ඉන්දියාවෙන් ප්‍රථමවරට කෘතීම බුද්ධිය සහිත ප්‍රවෘත්ති නිවේදිකාවක් හඳුන්වා දෙයි

ඉන්දියාවේ ජාතික මාධ්‍ය කණ්ඩායමක් විසින් ප්‍රථම වරට පූර්ණ කාලීන කෘතීම බුද්ධිය (artificialia intelligence) සහිත ප්‍රවෘත්ති නිවේදිකාවන් එළිදක්වා තිබෙනවා.

“සානා” නමින් හැඳින්වෙන AI ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඇය බහු භාෂාවලින් දිනකට කිහිප වතාවක් පුවත් යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරන අතර එය India Today සමූහයේ Aaj Tak ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රදර්ශනය කරනවා.

එහිදී “සානා” විසින් සිය දේශීය භාෂාමය කුසලතා පෙන්වීමට පෙර දෝෂ රහිත ඉංග්‍රීසියෙන් සඳහන් කර ඇත්තේ, “රැකියාව සඳහා ඇගයීමට ලක් වූ සිය ගණනක් අපේක්ෂකයින් අතරින් Aaj Tak, AI හි ආරම්භක ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස තේරීමට ලැබීම සම්බන්ධයෙන් මම ඉතා වාසනාවන්තයි” ‍යනුවෙන්.

මේ සම්බන්ධව අදහස් දක්වන ප්‍රවීණයන් සඳහන් කරන්නේ, AI ඉදිරිපත් කරන්නන් ඉක්මනින්ම ඉන්දියාවේ ප්‍රචාරක සේවයේ යෙදිය හැකි බවයි.

මෑත කාලීන ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව ඉන්දියාව විශාල අන්තර්ජාල අන්තර්ගත ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර මිනිසුන් කෘතිම බුද්ධිය කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තබා ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ සදහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 75 ක් AI පද්ධති විශ්වාස කිරීමට සහ පිළිගැනීමට කැමති බව සොයා ගෙන තිබෙනවා.