ඉවුම් පිහුම්

උඩබැලුන්

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුහාල්පිටි ග්‍රෑම් 250

දුන්තෙල් අඬුකෝප්ප 1/2

තිරිඟුපිටි ග්‍රෑම් 25

තෙල් ලීටර් 1

 

සාදන ක්‍රමය

* හාල්පිටි මල්පීස් රෙද්දක් උපයෝගී කරගෙන හොඳින් හලාගන්න.

* මේ සියල්ල එකට මිශ්‍ර කර අතේ නොඇළෙන පරිදි පැටිස් පේස්ටියක් මෙන් සාදාගන්න.

* මෙම මිශ්‍රණය විනාඩි 30ක් පමණ තියන්න.

* ඉන්පසු මෙම මිශ්‍රණයට පිටි ඉසිමින් පැටිස් පේස්ටිය මෙන් තුනී කරන්න.

* විශ්කම්භය අඟල් 1 1/2ක රවුම් කපා ගැඹුරු තෙලේ බැදගන්න. (මෙය බෝලයක් මෙන් පිපේ)

 

පිරවුමට අවශ්‍ය දෑ

බැදගත් සුදුහාල්පිටි ග්‍රෑම් 200

බැදගත් මුංපිටි ග්‍රෑම් 200

සීනි ග්‍රෑම් 100

කුඩුකරගත් එනසාල් තේ හැඳි 1

වැනිලා තේ හැඳි 1

පොල් පැණි අඬුකෝප්ප 1/4

————-

සාදන ක්‍රමය

* හාල්පිටි, මුංපිටි, එනසාල්, සීනි සමග එකට කලවම් කරන්න.

* පොල්පැණිවලට වැනිලා දමන්න.

* ඉහත මිශ්‍රණයට පොල්පැණි එකතු කර ලිහිල්ව සිටිනසේ මිශ්‍ර කරගන්න.

* බැදගත් රවුම් බෝලය ගෙන ඉතා කුඩා සිදුරක් සාදා එයට මිශ්‍රණයෙන් පුරවන්න.

* මිශ්‍රණයෙන් පුරවාගත් මෙම බෝල උඩබලා කෑමට ගන්නා නිසා උඩබැලුන් ලෙස හඳුන්වනු ලැ​බේ.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා