ඉවුම් පිහුම්

තල කැරලි

අවශ්‍ය ද්‍රව්‍ය

තල සෝදා වේලා ග්‍රෑම් 500

හකුරු ග්‍රෑම් 350

පොල් (කබලේ බැදගත්) ග්‍රෑම් 200

ලුණු තේ හැඳි 1/4

 

සාදන ක්‍රමය

* මේ සියල්ල එකට දමා කොටා ගන්න.

* අඟල් 1/2 විශ්කම්භය ඇති අඟල් 1 1/2 ක දිග ඇති ප්ලාස්ටික් බටයක් ගෙන එම සිදුරට මිශ්‍රණය පුරවා එළියට ගන්න.

* එළියට ගත් කල කෑල්ල සව් කඩදාසියක ඔතා තල කැරලි ලෙස සකසා ගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා