ඉවුම් පිහුම්

උඳුවැල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

උඳු ඇට 250g

ඇඹුල් කෙසෙල් ගෙඩි (හොඳින් ඉදුණු) 2-3

ලුණු තේ හැඳි 1/4

පැණි 1/2L

තෙල් 1/2L

 

සාදන ක්‍රමය

උඳු ඇට පැය 6ක් පොඟවා, අඹරාගෙන එයට පොතු ඉවත් කරගත් කෙසෙල්ගෙඩි සහ ලුණු එකතු කර වතුරෙන් අනාගන්න. (උකු මිශ්‍රණයක් ලෙසට)

මෙම මිශ්‍රණය පැය 8-10ක් පමණ තියන්න.

ඝනකම් රෙද්දකින් ලේන්සුවක් මසා එය හතරට නවා සිදුරක් කපා බොත්තම් කාස මසන ආකාරයට මසාගන්න.

භාජනයක් ගෙන එයට පැණි දමා ලිප තබා රත්කර, සාදාගත් ලේන්සුවේ හරි මැදට පිටි මිශ්‍රණය දමා, කොන් හතර එකට ගෙන තෙල් තාච්චියට අතින් මිරිකමින් රවුම් කීපයක් වත්කරන ගමන්, රවුම කැපීයන ලෙස වත්කර එකිනෙක සම්බන්ධ කරගන්න.

සාදාගත් වළලු දෙපැත්ත හරවමින් බැද, එසැණින් රත් වූ පැණි භාජනයකට දමන්න.

විනාඩියකින් පමණ පැණි භාජනයෙන් ඉවතට ගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා