ඉවුම් පිහුම්

පැණි කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි 250g

තිරිඟු පිටි 50g

පැණි අඬුකෝප්ප 4

සීනි 50g

මාදුරු (තලාගත්) තේ හැඳි 1/2

බැදීමට තෙල් 1/2L

 

සාදන ක්‍රමය

පැණි අඬුකෝප්ප 3ක් සහ තෙල් හැර අන් සියල්ල එකට දමා කැවුම් පිටි මිශ්‍රණය සාදාගන්න.

භාජනයකට පැණි අඬුකොප්ප 3ක් දමා රත් කරගන්න.

සාදාගත් කැවුම් පිටි මිශ්‍රණයෙන් කොණ්ඩ කැවුම් සාදාගන්න.

කැවුම් තෙලෙන් ඉවත් කරගත් විගසම උණු පැණිවලට දමා විනාඩි 5ක් පමණ තබා ඉවත් කරගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධක අධ්‍යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි

 

සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා