Latest News

මාළු ගන්න ඇවිත් දැරියක් මුහුදට වැටෙයි

බේරුවල ධීවර වරායේ ජැටියෙන් ජලයට වැටුණු දැරියක් බේරාගැනීමට බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයකු සමත්ව තිබෙනවා.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා ඊයේ (11) පියා සමග එම දැරිය වරායට පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී මාළු මිලදී ගැනීම සඳහා ධීවර වරායට විශාල පිරිසක් පැමිණ සිට ඇති බව ද වාර්තා වනවා.

එහිදී සිදුවූ අධික තෙරපීම හේතුවෙන් තවත් පුද්ගලයකුගේ ශරීරයේ වැදී සමබරතාවය මිදී ගොස් එම දැරිය ජලයට වැටී තිබෙනවා.

දැරිය ඇද වැටෙන අයුරු දුටු බෝට්ටුවක සිටි ධීවරයකු වහා ජලයට පැන දරුවා ගොඩගත් බව එම සිද්ධිය ඇසින් දුටු පිරිස පවසනවා.