Latest News

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම…

තරඟ 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.

නිගාර් සුල්ටානා ජොති එම කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරනවා.

අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය කාන්තා එක්දින ලෝක ශූරතාවේ සුදුසුකම් ලැබීමේ තරඟාවලිය යටතේ පැවත්වෙනවා.

එම තරඟ අප්‍රේල් මස 29, මැයි 02 සහ මැයි 04 යන දිනවලදී පැවැත් වීමට නියමිතයි.

එක්දින තරඟාවලියෙන් පසු පැවැත්වෙන විස්සයි -20 තරඟාවලිය මැයි මස 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙනවා.