BOI කම්හල් 1600කට PCR අනිවාර්ය වෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති 1600කට අධික කර්මාන්ත ශාලාවල සේවකයන්ගෙන් සතිපතා 5% බැගින් අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර ඇත.
ඒ අනුව සෑම කර්මාන්ත ශාලාවකම අහඹු ලෙස තෝරාගත් සේවකයන් මෙලෙස සතිපතා පරීක්ෂණවලට ලක් කළ යුතු අතර කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් එම කටයුතු අධීක්ෂණය කළ යුතුය.
දැනට රජයේ රසායනාගාරවල පවතින අධික ධාරිතාව හමුවේ මතුවන ප්‍රමාදවීම් මගහරවා ගැනීම සඳහා මෙම පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල් රසායනාගාර ඔස්සේ සිදු කරගන්නා ලෙසටද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත. අපනයන ක්‍රියාවලියට සම්බන්ධ මෙම සියලුම කර්මාන්තශාලාවල කටයුතු කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යයෙන්ම පිළිපදිමින් පවත්වාගෙන යා යුතු බවටද සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර තිබේ.
නයන තරංග ගමගේ
