ඉවුම් පිහුම්

කැපචිනෝ / Cappuccino Coffee

අවශ්‍ය ද්‍රව්‍ය:
* ක්ෂණික කෝපි මේස හැඳි 2ක් (නෙස්කැෆේ වැනි)
* සිනි මේස හැඳි 2ක්
* මද උණුසුම් ජලය මේස හැඳි 2ක්
* කිරි කොප්පයක්

සාදන ක්‍රමය:
මුලින්ම ගැඹුරු පතුල සහිත භාජනයක් ගෙන කෝපි, සීනි සහ ජලය දමා බීටරයක් හෝ හෑන්ඩ් විස්ක් එකක් ආධාරයෙන් ලා ක්‍රීම් පාට මිශ්‍රණයක් එනතුරු හොඳින් බීට් කරන්න.

ඔයාට බිටර් එකක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ… විස්ක් එකකින් හොදට විනාඩි 10ක් වගේ විස්ක් කරන්න.

මීළඟට කිරි ටික මද වේලාවක් රත් කරගන්න (උතුරවන්න අවශ්‍ය නැහැ). රත් වූ කිරි ටිකත් බීටරයක් හෝ විස්ක් එකක් ආධාරයෙන් ටික වේලාවක් බීට් කරන්න. එතකොට කිරි එක තව ටිකක් උකු වෙනවා…

දැන් කෝප්පයක් ගෙන එයට මුලින් සාදාගත් කෝපි මිශ්‍රණයෙන් තේ හැඳි එක හමාරක් පමණ දමා ගන්න. එයටම බීට් කරගත්ත කිරි ටිකත් එකතු කර කිරි සහ කෝපි හොඳින් කරන්න.

නැවතත් උඩින් කෝපි මිශ්‍රණයෙන් ටිකක් දමා කැමති විදිහට ලස්සන කරගන්න…

* මේ ප්‍රමාණ 2-3 දෙනෙකුට පමණ සෑහේ.
* මේ මිශ්‍රණය අවශ්‍ය නම් ශීතකරනයේ දමා තියාගන්නත් පුලුවන්.