Latest News

සය නිවුන් දරු උපතක්!

කොළඹ කාසල් වීදිය කාන්තා ‍රෝහලෙන් සය නිවුන් දරු උපතක් අද පෙරවරුවේ වාර්තා වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ මෙලෙස සය නිවුන් පිරිමි දරුවන් බිහිකළ මව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් බවයි.

දරුවන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවනවා. මෙරටින් අවසන් වරට පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකු වශයෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වුනේ 2021 ඔක්තෝම්බර් 21 වැනිදායි!