විශේෂාංග

තාත්තා ගෙදර එන්න රෑ වෙනදාට අම්මාගෙන් දරුවන්ට දිමිගොටු

මීට මාස දෙකකට විතර කලින් මට කතා කරපු එක්තරා සැමියෙක් ඔහුගේ දුක්අඳෝනාව කියන්න පටන්ගත්තෙම ‘‘වයිෆ් නිසා මට දැන් වහ ටිකක් කාලා මැරෙන්න හිතිලා තියෙන්නෙ’’ කියලා කියාගෙන.
Read More »

අත්තම්මලාගේ හුරතලේ තමයි ළමයි නරක් කරන්නේ

දැන් හොයාගෙන තියෙනවා අම්මේ, ළමයින්ට ගහන්න හොඳ නැහැ කියලා. ගහද්දි දරුවන්ගේ මනසටත් ඒවා බලපානවා. එහෙමයි කියලා දරුවන්ගේ වැරදි නිවැරදි නොකර ඉන්නත් බැහැනේ
Read More »

මළත් අමතක නොවෙන විදියට ඉතිහාස පාඩම් කියාදෙන ගුරුතුමී – නිශානි තිලකරත්න

පාසල් යන දරුවන්ගෙන් බොහෝදෙනෙකුට ඉතිහාස විෂයය වහකදුරුය. අතීත රාජධානි, ඒවා පාලනය කළ රජවරුන් සහ ඒවාට අදාළ කාලසීමා මතක තබාගැනීම පොඩි එවුන්ට තියා මහ එවුන්ටත් ලේසි නැත. ඒ නිසා එකල නම් ‘කට්’ කරන පීරියඩ් ලිස්ට් එකේ ඉංගිරිසි පීරියඩ් එක හැරුණුකොට මුලින්ම තිබු‍ණේ ඉතිහාස පීරියඩ් එකය.
Read More »

අලුත් අම්මලාට සහ අම්මලා වෙන්න ඉන්න අය වෙතටයි,

අසුබවාදී ආකල්ප ටික ටික ඔලුවෙන් අයින් කරගෙන ජීවිතේ දිහා සුන්දරව බලන්න පටන් ගනිද්දී මං අරමුණු තුනක් හදාගත්තා. පළවැනි එක මගේ හිතේ සතුට දිගටම තියාගන්න එක. දෙවැනි එක මගේ පවුලේ සාමාජිකයන්ගේ සතුට නැති නොකරන එක. අනිත් එක කිසිම බාහිර බලපෑමක් මගේ පවුලේ සතුටට බාධාවක් කරනොගැනීම.
Read More »

සිංගප්පූරු යවන්නට කියා ගම්බද සිඟිති දියණියන්ගේ අඩනිරුවත් ඡායාරූප ගත් කොළඹ මහත්තයා

දරුවෙක්ව ළමා චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට සම්බන්ධ කරන එකේ වරදක් නෑ. නමුත් මම මේ රටේ දෙමව්පියන්ගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ දරුවන්ගේ ළමාකම නැතිවෙන විදියට ඒ අයව සමාජයට නිරාවරණය කරන්න එපා

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ
Read More »

කළමනාකරණ උපාධියක් තියාගෙන කොණ්ඩ කපන බාබර් මල්ලි – යොමාල් සඳරුවන් ජයසුන්දර

සතියක් විතර මං සැලුන් එකට ගියාත් එයා කපන හැටි බලාගෙන ඉන්නවා මිසක් ඔලුවක් අල්ලන්නවත් දුන්නේ නෑ. පස්සේ මේ වැඩේ හරියන එකක් නෙවෙයි කියලා මං සැලුන් එකෙන් එළියට බැස්සා
Read More »

අවුරුදු හයේ ඉඳලා කොකේන් ගහපු මම වෙනස් වුණානම් කාටද වෙනස් වෙන්න බැරි!

පාරට වැටිලා, අසූචි ගඳ ගසමින් කිසිදා නෑමට ඉඩක් නොලැබෙනකොට ඔබ කොහොමද සමාජයට සේවයක් කරන්නෙ? ඔබේ ඇබ්බැහි වීම් ඔබටත් වඩා විශාල වුණාම ඒවා නඩත්තු කරනවා මිසක් සේවයක් කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ. ඔබ පාරෙ ඉන්න මිනිස්සුන්ගෙ ගොදුරක් වෙනවා
Read More »

අයියාගේ ලොරිය අරන් හයර් දුවන නංගී අමරා වාද්දූව

‘‘ලොරියට ගල්, වැලි, සිමෙන්ති පටවගෙන ගෙවල්වලට ගියාම, සමහරදාට මටම තමයි ඒවා බිමට බාන්නත් වෙන්නේ. ඒ විදියට වැලි කියුබ් ගණන්, ගල් කියුබ් ගණන් මම තනියම බිමට බාලා තියෙනවා. ඒ ඕන දේකට ලෑස්තිවෙලා තමයි මම මේ රස්සාවට ආවේ. ඒ නිසා ඒ දේවල් ගැන මට දුකක් නෑ.’’
Read More »

උදේට ලෙඩ බලා හවසට ලුණු බලන දොස්තර නෝනා – වෛද්‍ය නයන්තරා ජයමිණී සිරිවර්ධන

පුංචි සන්ධියේ පටන්ම නයන්තරාගේ හිත තිබුණේ සෙල්ලමටය. පාසලේ පන්ති කාමරය තුළදිත් වදෙන් පොරෙන් පොතපතේ වැඩ ටික ඉවරකර දමන ඈ කොයිවෙලෙත් ඇඟිලි ගැන්නේ සෙල්ලම් කිරීමට ඉස්පාසුවක් ලැබෙනතෙක්ය. නාහෙට නාහන හිතුවක්කාර ගතිද මේ පුංචි කෙල්ල කෙරේ නොතිබුණාම නොවේ.
Read More »

පෙම් හබයක පැටලුනු මහසෙන්ට හොඳටම තුවාලයි

තම දුර්වලතා වටහාගෙන එලෙස අවදානම් මඟහැර යන මහසෙන්ට මෙවර වරදින්නට ඇත. නොඑසේනම් ප්‍රේමයට වඩා ජීවිතය වටිනවා යැයි සිතුවා විය හැකිය. ඒ කවරක හෝ අවසන් ඵලය වූයේ පරාජිත සටනකි
Read More »

නිකන් දෙනවනම් දෙමළ පත්තරේ වුණත් කමක් නෑ වගේද?

ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලය කියන්නේ එසේ මෙසේ විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඒක ඒ රටේ තියෙන ප්‍රසිද්ධ සහ කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ඉන්දියාවේ ගොඩාක් තරුණ තරුණියන් උපාධියක් ගන්න පෙරුම් පුරන්නේ ඒ විශ්වවිද්‍යාලයෙන්. මොකද බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගත්තාම තියෙන පිළිගැනීම වැඩියි.
Read More »
1 43 44 45 46 47 66