මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරිය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර රෝහලට ගොස් සිටි අවස්ථාවේ සිර කර තබා ගනිමින් හිංසා පීඩා කිරීම සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
Read More »
පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දී ඇති ගැටළු විසඳීම සඳහා රජය මේ දක්වා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර පවසනවා.
Read More »
මේ දවස්වල අලුතෙන් පිරිපහදු කරන්න පුළුවන් බොරතෙල් වර්ග ගැන අපි අධ්‍යයනය කරනවා
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ රසායන ඉංජිනේරු
අනෝමා කමල් සෙනෙවිරත්න
නියෝජ්‍ය කළමනාකාර
තාක්ෂණ සේවා (ව්‍යාපෘති)
Read More »
ගැබිණි සමයේ මවුවරුන්ට අනිවාර්යයෙන් ම සිදුකළ යුතුව තිබෙන එච්.අයි.වී. (HIV) සහ වී.ඩී.ආර්.එල්. (VDRL) පරීක්ෂණ මේ වන විට සම්පූර්ණයෙන් ම ඇනහිට තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උපසභාපති හා මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය සහ එච්.අයි.වී. වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථීන්ගේ සංසදයේ
Read More »
අමෙරිකා එක්සත් ජනපදය ආධාර ප්රදානය කරනු ලබන්නේ, ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්රමිතීන් සහිත හවුල්කරුවන්ට පමණක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කරනවා.
Read More »
කටුනේරිය, ලන්සිගම ඉන්ධන පිරවුම්හල අසල වාහන තදබදයකට ලක්වූ මවක හා දියණියක පැමිණි යතුරුපැදියක් කන්ටේනර් රථයකට යට වීමෙන් එම මව මියගොස් ඇති බවට මාරවිල පොලිසිය පවසනවා.
Read More »
බන්ධනාගාර ගතව සිටින සැමියා බැලීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් අමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කර තිබෙනවා.
Read More »
ග්‍රාමීය බැංකු ශාඛා කළමනාකාරවරියක් අතුරුදන්ව ඇති පුවතක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක පසුගිය (25) වනදා රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම පවුලේ වැඩිමහල් දියණිය මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව කහතුඩුව පොලිසිය සඳහන් කළා.
Read More »
මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදු කර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
Read More »