විශේෂාංග

ඇත්තටම පිරිමි ගැහැනුන්ට රැවටෙනවද?

ජාතක කතා පොතේ එන වාතලිග ජාතකයේ සඳහන් වෙනවා, එක්තරා සිටු පවුලක ඉඳපු ඉතාමත් ජවසම්පන්න කඩවසම් සිටු කුමාරයෙක් ගැන. හැබැයි සැපසම්පත් කොච්චර තිබුණත් මේ සිටු කුමාරයාට ගිහි ජීවිතය ගැන කළකිරීමක් ඇරෙන්න කිසිම පැහැදීමක්නම් තිබිල නෑ.
Read More »

ළමා සාරියෙන් සුදු ගවුමට මාරු වෙන්න කිව්වොත් මට විදුහල්පතිකම තියලා ගෙදර යන්න වෙයි

ඒ පසුගිය ඔක්තෝබර් 26 වැනිදාය. රාජකාරී කටයුත්තක් වෙනුවෙන් මා අනුරාධපුරට යමින් සිටියේ කැකිරාව මාර්ගයෙනි. කුකුළාත් අතින් ගෙන මීදුම් සළුවත් කපාගෙන යද්දී බැලූ බැල්මට පෙනෙන්නට තිබුණේ පහුගිය ටිකේ කොළඹට වැහැපු වැස්සෙන් අඩක්වත් මේ ඉසව්වට නම් වැටී නැති බවය.
Read More »

මහරජුටත් වඩා පෝසත් බ්‍රිතාන්‍යයේ අලුත් අගමැති…

පසුගියදා බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස හතළිස් දෙහැවිරිදි රිෂි සුනක් මහතා පත්වුණේය. ආසියානු සම්භවයක් සහිත පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වන ඔහු හින්දු භක්තිකයෙකුද වේ. සිය සත් වසරක දේශපාලන ගමන්මගේ සුවිශේෂිම සන්ධිස්ථානය පසුකළ ඔහු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකයාද වෙයි.
Read More »

හිජාබයෙන් පැන තිබූ කෙස්ගස් කිහිපයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ අමීනි…

වෛද්‍යවරියක් වෙන්නට සිහින දුටු ඉරාන ජාතික මහ්සා අමීනිට ඊට අදාළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට තිබුණේ දින කිහිපයක් පමණි. නමුත් ඊට පෙර දිනෙක ඉරානයේ ටෙහෙරාන් නගරයේදී ඇය එරට සදාචාර පොලිසියේ අත්අඩංගුවට පත්විය. වරද නම් මහ්සා අමීනිගේ හිස් ආවරණය යටින් පිටතට පැන තිබූ කෙස්ගස් කිහිපයක් පෙනෙන්නට තිබීමයි.
Read More »

හෙට සුබ වෙන්න අද අබවලින් වැඩක් පටන්ගන්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

අපිව කෑමකට එක්කගෙන යන්නත් බැරිතරම් කාර්යබහුල වු‍ණොත් එයා ගෙදර උයනවා

ගමේ ගොඩේ කොතැන වුණත් බණ ගෙයක් දානෙ ගෙයක් තිබුණොත් බෙග් මාස්ටර්ගේ හඬ වරදින්නේම නැත. එසේම රටේතොටේ මොන දීපංකරේක සංගීතයක්, පැදුරු සාජ්ජයක් තිබුණත් ජෝතිපාලගේ, මිල්ටන්ගේ සිංදුවක් නොඇසෙන්නට විදියක් නැත.
Read More »

උඩරට ක්‍රමයට කුඹුරක් කරන්න මම ලොරියක වින්ඩ්ස්ක්‍රීන් එකක් තෝරාගත්තා

වගාවට හිත බැඳුනහොත් එය නතරවන්නේ මහා ඇබ්බැහියකිනි. ඒ ඇබ්බැහිය කොතරම් සොඳුරු දැයි දන්නේද එසේ වගාවට හිත බැඳුනු අයය.

වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පදිංචි ඩී.ඒ. සුනන්ද ලක්ෂ්මන් මහතා ද තම විශ්‍රාම දිවියට එම සොඳුරු වටිනාකම් එක්කරගත් අයෙකි. ඒ තනියම නොව තම ආදරණීය බිරිඳ වන ඩී.ඒ.රේණුකා මහත්මියද සමඟිනි.
Read More »

අඬන ළමයි නළවගන්න මම සාරිය පිටින් පිනුම් ගහලත් තියෙනවා

පසුගිය ඔක්තෝබර් පළවැනිදා ලෝක ළමා දිනය දවසේ ළමයින්ව සතුටු කරන්න හරි හරියට සිංදු කියපු ගුරුවරු වගේම සිංදු කිය කියා නටපු ගුරුවරුත් අපි දැක්කා. එක දවසකට හරි ගුරුවරු තමන්ගේ සිසු දරුවන් එක්ක එකතු වෙලා සම්ප්‍රදායික රටාවට අභියෝග කරලා එහෙම විනෝදවුණු එක බොහොම සුබවාදී දෙයක් විදියටයි අපිටනම් පෙනුණේ.
Read More »

විනාකිරි හැදුවොත් බොන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

සිංහල වචන කතා කරගන්න බැරිවුණාට එයාලා බෙරපද, වන්නම් හරියටම කියනවා

“දුවේ, ඔයා කවදාහරි හොඳට නැටුම් ඉගෙනගන හොඳ නැට්ටුක්කාරියක් වෙනවා දකින්නයි මට ඕන.”

මහේෂිකාට යන්තම් හය හතර තේරෙන වයසට එද්දී ඇගේ සීයා මන්තරයක් ජප කරන්නා සේ දිගටම එහෙම කිව්වේය. මහේෂිකා එරංගි නැටුමට උපන් හපන්කම් ඇති දැරියක් කරන්නට සීයාට තිබුණේ එසේමෙසේ උනන්දුවක් නම් නොවේ.
Read More »

එළවලු පැළයක් තෑගි දීලයි මම දැන් යාළුවන්ගේ උපන්දිනවලට සුබපතන්නේ

උදා හිරු කිරණ ඇගේ ගෙමිදුලට එබිකම් පාන්නේ වෙනදාට නැති ආදරයක් අරගෙනය. ඒ ආදරය දැන් දැන් වඩාත් තමන්ට සමීප වග, මිදුලේ හිනැහෙන එළවලු පාත්ති දෙස බලමින් ඕ සිතන්නීය.
Read More »
1 23 24 25 26 27 72