විශේෂාංග

රජ සැප වානා කුණු ඇහිඳින්නයි ඕනා

‘දුප්පත් පොහොසත් දෙකක් ඕන නෑ භූමිය මත ලෝකේ’ කියලා එච්.ආර්.ජෝතිපාල මහත්තයා කිව්වට මේ මහපොළොව උඩ පත්තියං වෙච්ච ඒ බෙදීම තව කල්පෙකටවත් අතුරුදහන් වෙයි කියලා හිතන්න බෑ. මේ කතාවේ අපේ කතානායකයා වෙන ‘මම්මික්කා’ ඉපදුනෙත් අන්න ඒ දුප්පත් කියන සමාජ පන්තියේ.
Read More »

මිටියෙන් ඔලුවට ගැහුවට පස්සෙ අම්මා ආපහු දුවව ගෙදරට ගන්න කැමති නෑ

මිනුමකින් මැනිය නොහැකි සෙනෙහසක් වේ නම් ඒ සෙනෙහස අයිති අම්මාටය. එවන් අම්මා කෙනෙක් දරුවෙකුට අවවාදයක් දෙන්නේ, බැණ අඬගසන්නේ තරහටම නොවේ. ඒ තම දරුවෙකුට වරදක් වනු දැකීම තරම් දුකක් වේදනාවක් මවකට තවත් නැති නිසාය.
Read More »

ටික්ටොක් පෙම්වතා බලන්න ලංකාවට ආ 67 හැවිරිදි නෙදර්ලන්ත පෙම්වතිය හාට්ඇටෑක් එකකින් මැරිලා

‘‘සර්, වැල්ලවත්තේ සුපුන් ආර්කේඩ් රෙසිඩන්ස් මහල් නිවාසයේ කාමරයක විදෙස් කාන්තාවක් ඔලුවෙ ලේ පෙරාගෙන සිහිනැතුව වැටිලා ඉන්නවා.’’

නොදන්නා දුරකතන අංකයකින් මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමැතුම් කොට්ඨාසය වෙත ඒ ඇමතුම ලැබුණේ පසුගිය පෙබරවාරි 24 වෙනිදා රාත්‍රී හතකුත් ගාණටය.
Read More »

පූස් දරුවෝ හතක් ඉන්න වයස විසිදෙකේ අම්මා නිපුනි

‘‘මට දැන් දරුවො හත්දෙනෙක් ඉන්නවා. ඒ බන්ටි, කිටී, රස්ටි, ගාෆි, නිකී, ඇල්බස් සහ චන්කි. ඒ හැමෝම ඉස්සර කාත් කවුරුත් නැතුව අසරණ වෙලා හිටිය අය. දැන් එයාලා මගෙ දරුවො වෙලා හරිම සතුටෙන් සැපෙන් ආදරේ අඩුවක් නැතුව ලැබෙන අපේ ගෙදර ඉන්නේ. මම වැඩිදුර අධ්‍යාපනය කටයුතු කරන ගමන් මගේ දරුවන්ව හොඳින් බලාගන්නවා...’’
Read More »

ඒ දරුවො අල, කොළ තම්බගෙන කාලා ජීවත්වෙන හැටි දැක්කම අපිට මොන ප්‍රශ්නද කියලා හිතුණා

‘රජෙක් වෙන්න බැරි නම් වෙදෙක් වෙන්න’ යැයි කියන පැරණි කියමනක් ඇත. එදා පටන් වෛද්‍යවරුන්ද රජවරුන් හා සමානවම සමාජ සම්භාවනාවට පාත්‍ර වී තිබීමයි ඊට හේතුව. එවන් ගෞරවාදරයකට උරුමකම් කියන සොඳුරු වෙදැදුරියක්ය අද ‘ධරණී’ කවරය දරා සිටින්නේ.
Read More »

ලස්සන පිඟන්වල බත් කන්න දස්සයෝ වෙන්නම ඕනද?

ජීවත් වෙනවා කියන්නේම පීඩනයක්නේ. පොඩි එවුන් පාඩම් වැඩ නිසා පීඩනයෙන්. අපි සල්ලි හොයන්න පීඩනයෙන්. ජීවිතේ පුංචි පුංචි මොහොතවල් ලස්සනට ගත කළොත් ඒ පීඩනය යන්තමට හරි අඩු වෙනවා
Read More »

හොරාට කසිප්පු බී හෙමීට වැවට බහින අලි බේබද්දා

ගල්ගමුවේ ‘තනි දළයා’ නොහොත් ‘චණ්ඩි’ අමුතුම හාදයෙකි. වම් දළය පමණක් හිමි චන්ඩිට තැනක් නොතැනක්, රැයක් දවාලක් අදාළම නැත. ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශවල සැරිසරන හෙතෙම හිතෙන ඕනෑම තැනක, ඕනෑම වෙලාවක පෙනී සිටී. එනිසා එය ප්‍රදේශවාසීන්ටද සුපුරුදු දසුනකි.
Read More »

වැරැද්දක් වුණාම හංවඩු ගහන පිරිමි අතරේ දහම් මට සමාව විතරක් නෙවෙයි ආදරෙත් වැඩියෙන් දුන්නා

‘හැමදේම වෙන්නේ හොදට...’ මොනා හරි වුණාම හිත හදාගන්න විතරක් ඒ වචන තුන හොඳයි කියලා ගොඩක් අය කිව්වාට, මට ජීවිතේ ලැබුණ අත්දැකීම්වලට අනුව නම් මං විශ්වාස කරනවා ‘ඇත්ත, හැමදේම වෙන්නේ හොඳට...’ කියලා
Read More »

අම්මාව බලාගන්න ඕන නිසා මම රස්සාවෙන් අස්වුණා

‘අම්මා’ දරුවෙකුට මල් සුවඳක් වැනිය. තවත් විටෙක ඕ සඳක් සේ සෞම්‍ය සෙනෙහසින් දූදරු ලොව එළිය කරන්නීය. නහවා කවා පොවා ආදරයෙන් ඇතිදැඩි කරන දරුවන්, ලොව රජුන් වනු දැකීම විනා, පෙරලා දූ දරුවන්ගෙන් යමක් අපේක්ෂා නොකරන්නට තරම් බොහෝ අම්මාවරුන් උපේක්ෂාසහගතය.
Read More »

මත්වෙන්න හිතාගෙන සිරීපාදේ යන අයට ස්ටුවර්ට්ගෙන් බාධා

‘‘ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ සුරතලෙක් වුණත් ස්ටුවර්ට් කියන්නේ විශේෂ කෙනෙක්. ඒ පොලිසියේ රාජකාරි කරන නිසා. හැබැයි ඉතින් කොච්චර ලොකු රාජකාරියක් කළත් මෙයා සෙල්ලම් කරන්න හරිම ආසයි. මං උදේ වැඩට එනකම් කැනල් එකේ ගේට්ටුව ළඟට වෙලා බලන් ඉන්නවා. නිකම්ම නෙවේ, සෙරෙප්පුවකුත් කටේ තියාගෙන.
Read More »
1 38 39 40 41 42 67