Latest News

වකුගඩු රෝගය නිසා දෙදරු මවක් ගෙළ වැළලා ගනියි

වසර පහකට අධික කාලයක් වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටි දෙදරු මවක් තම ජීවිතය ගැන කළකිරීමෙන් සිය නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසනවා.
Read More »

චොකලට් ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සිසුවියක් අත්අඩංගුවට

මුහුණුපොත ඔස්සේ චොකලට් වර්ග ලබාදෙන බවට දැන්වීම් පළකර රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කළ පාසල් සිසුවියක් කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කාන්තාවක් නීති විරෝධී ගබ්සාවක් කළ බවට අසත්‍ය තොරතුරු ලබාදුන් ගම්වාසීන්ට පොලිසියෙන් අවවාද

කාන්තාවක් නීති විරෝධී ගබ්සාවක් කළ බවට අසත්‍ය තොරතුරු ලබාදුන් ගම්පොළ, හපුගස්පිටිය ප්‍රදේශවාසීන් පිරිසකට ගම්පොළ පොලිසිය දැඩිව අවවාද කර තිබෙනවා.
Read More »

කුලී නිවසේ තබා ගැනීමට නොහැකි වූ මිය ගිය දියණියගේ දේහය විහාරස්ථානයේ තැබීමට අවසර

මිය ගිය දියණියගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානුංගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දුන් සිදුවීමක් දැඩිගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

කෝවිලෙන් නූලක් මතුරා දුන් උදරාබාධයකින් පෙළුණු බිළිඳා මරුට

උදරාබාධයක් වැළදී කෑ ගසමින් සිටි මාස 08 ක් වයස ළදරුවෙකුට යාපනයේ කෝවිලකින් නූල් මතුරා දී ඇති අතර දින දෙකක් නිහඩව සිටි දරුවා රෝගය උත්සන්න වීමෙන් පසුව රෝහල් ගත කිරීමෙන් පසුව 25 වනදා මිය ගොස් තිබෙනවා.
Read More »

ඇප කොන්දේසි අත්සන් කිරීමට තිළිණි ප්‍රියමාලි අධිකරණයට

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.
Read More »

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

පළපුරුදු පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් රැසක් විශ්‍රාම ගැනීම හේතුවෙන් ජනවාරි මස පළමු වනදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.
Read More »

කාන්තාවන්ට පැනවූ තහනමක් නිසා රාජ්‍ය නොවන සංවිධාන 05 ක් සිය මෙහෙයුම් අත්හිටුවයි

තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීමට එරෙහිව පැනවූ තහනම හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන 05 ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවේ උපත ලද මිනෝලි පෙරේරා ඕස්ට්‍රේලියාවේ තානාපති ධූරයට

ඕස්ට්‍රේලියානු රජය විසින් සිම්බාබ්වේ හි ඕස්ට්‍රේලියානු මීළඟ තානාපතිනිය ලෙස ශ්‍රී ලංකාවේ උපන් මිනෝලි පෙරේරා මහත්මිය පත් කර තිබෙනවා.
Read More »

සැඩ පහරකට හසුව ගසාගෙන ගිය කුඩා දැරියක්ව උසස් පෙළ සිසුවෙකු බේරා ගනියි

සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක දිවි පරදුවට තබා බේරාගත් උසස්පෙළ පාසල් සිසුවකු පිළිබඳ පුවතක් බිබිල මැදගම 17 කනුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

පස් කන්දක් කඩා වැටී දරුවන් දෙදෙනෙක් මරුට

පැවති අධික වැසි තත්ත්වයත් සමග මහනුවර, දුනුවිල ගණපතිවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (25) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී, විශාල ගලක් පෙරළීමෙන් දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
Read More »
1 38 39 40 41 42 161