විශේෂාංග

හොඳටම කළේ කොවිඩ් හැදිලා හංගපු අය

දීපා නතාලිට දුරකතන ඇමතුමක් ගත්තේ සැප දුක අහන්න. නතාලි ඊට කලින් දවසේ තමන්ට උණ හැදීගෙන එන විත්තිය දීපාට කියලයි තිබ්බේ.

‘‘දැන් කොහොමද නතාලි? බේත් ටිකක් ගත්තාද?’’ දීපා ඇහුවා.
Read More »

ඇතින්නක් එක්ක දුවලා අනූනවයෙන් බේරුණා

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වන්නේ නැත. අලි බැලිල්ල අපට සොඳුරුය. එහෙත් අලි බලාගන්නා උදවියගේ කාරිය ඊට බොහෝ වෙනස්ය. අවදානම්ය. අනපේක්ෂිතය. ඒ ගැන වඩා හොඳින් දන්නේ වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන්ය. පශු වෛද්‍ය චන්දන ජයසිංහ එවැන්නෙකි. අලි බැලිල්ල නිසා එක්කාසු වූ මතක රැසක් ඔහු සතුය.
Read More »

තෙලේ වැඩි වුණොත් දැලේ දාගන්නවා බොරු

කුෆු කියන්නේ ඊජිප්තුවේ ප්‍රකට පාරාවෝ රජ කෙනෙක්. කුෆුට තිබිලා තියෙන්නේ තෙල් සහිත සමක්ලු. අන්න ඒ නිසා අඬු පඬු හැදීගෙන එනකොටම කුෆුගේ මූණේ කුරුලෑ එන්න පටන්ගත්තලු. කුරුලෑ ඇතිවෙන්නේ බුද්ධියෙන් පරිණත පුද්ගලයන්ට කියලා ඒ කාලේ සමාජ කසුකුසුවක් තිබුණලු.
Read More »

දරුවෙක් වදලා කිරි දුන්නු පමණින් හැමෝටම පත්තිනි අම්මලා වෙන්න බෑ

සමහර තරුණ අම්මලාට දානයට දින ළංවෙද්දි මාස් ශුද්ධිය ඇතිවෙන්න පුළුවන්. ඒත් අර දීපු වචනෙ කඩකළොත් හිතවත්කම් නැතිවෙයි කියලා ඒ අය ඒක හංගගෙන දානවලට යන අවස්ථා මට ඕනතරම් ඇහිලා පෙනිලා තියෙනවා. ඇත්තටම කොයිතරම් පිළිවෙලට පිරිසිදුවට සූදානම් කරපු දානයක් වුණත් මාස් කිල්ලට අහුවුණොත් වැඩක් වෙන්නේ නෑ
Read More »

අපි ස්නෝවි හොය හොයා පාන්දර තුනටත් මහ කැලේ පීරුවා

ආයුර්වේද වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රසාද් පේරවත්තටත් නිරෝෂා දිසානායකටත් මුල්ම පත්වීම් ලැබුනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල් දෙකකටය. ඉගෙනීම අවසන් වෙනතුරු සතුන් හැදීමට විරාමයක් තබා සිටි ඔවුන් දෙදෙනා නැවතත් සතුන් ගෙදරට ගේන්නේ විවාහයෙන් පසු 2019 වසරේය.
Read More »

මගේ ඡායාරූප විකෘති කළ පුද්ගලයා අවුරුද්දකට හිරේ ගියා

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමවන්නේ ආදරය නොදන්නා උන් සබඳතාවල පැටලුණු විටය. එවැන්නෝ ආදරය නොදනිති. ආදරය නොකරති. සන්තකය පතති. හිමිකම අහිමි වූ දාට සිය පාර්ශවකරු විනාශය කරා ගෙනයාමට පිඹුරුපත් සකසති.
Read More »

රේස් පදින්න හිතෙනකොට කාර් එකක් තියා මට ලයිසන් එකවත් නෑ

එදා රොදහැම් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් පැවැත්වීමට සියල්ල සූදානම්ය. ඒ ආධුනිකයන් තරඟ වදින ‘නිසාන් මාච්’ ඉසව්වයි. වෛවර්ණ ගැන්වූ මෝටර් රථ විසිදෙකක් තරඟකරුවන් විසිදෙකක් සමඟින් තරඟබිමේ ආරම්භක ස්ථානයේය. මොහොතකින් තරඟය ආරම්භ විය.
Read More »

කල්ල මරේ මෙන්න අලියෙක් කරේ

මව් සෙනෙහසට සීමා නැත. ඒ අසීමිත සෙනෙහසටද වරදින අවස්ථා තිබේ. එවැන්නක් පසුගියදා මාදුරුඔය - සෝමාවතිය - ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිත අලිමංකඩින් වාර්තා විය. ඒ ප්‍රදේශ ආශ්‍රිතව හරකුන් තණ කැවීමට රැගෙන යන පිරිසකට ඇසුණේ අසාමාන්‍ය අලි විලාපයකි.
Read More »

ඕකනම් ෂුවර් එකටම හොර කපල් එකක්

ගීත්මා හිටියේ කාලෙකට පස්සේ එයාගේ පවුලේ අය එක්ක සීගිරියට ට්‍රිප් එකක් යන ගමන්. වාහනය ටිකක් නැවැත්තුවාම ගීත්මායි, අයියලා දෙන්නයි කඩේකට ගියේ වෑන් එකේ ඉන්න කට්ටියටම උදේට කන්න ආප්ප ටිකක් ගන්න. ඒ අතරේ අයියලා කාටද හිනාවෙනවා. ඒ හිනාවෙන්නෙ කාටද කියලා දැන ගන්න ගීත්මාට ලොකු උවමනාවක් තිබුණා.
Read More »

මගේ ගෑනිට මං මොනවා කළත් උඹලට මොකද?

ඔයාලා කවදාහරි දවසක ‘රි සෝජු’ කියන නම අහල තියෙනවද? ඇත්තටම ඒ නම කාටවත් ඒ තරම් හුරුපුරුදු නෑ. ඒ වුණත් ඇය තමයි මුළු ලෝකයෙම අවධානය දිනාගත්ත දරුණු පාලකයෙක් වුණු උතුරු කොරියානු ජනාධිපති ‘කිම් ජෝන් උන්’ ගෙ බිරිඳ.
Read More »

මියගිය සොයුරාට පණ දෙන්න මළසිරුර මාස දෙකක් නිවසේ තබාගෙන යාඥා කරලා

බඩල්ගම පොලිස් වසමට අයත් ආඬිමුල්ල ප්‍රදේශයේ දස හැවිරිදි පිරිමි දරුවෙකු පසුගිය පෙබරවාරි 07දා තම නිවස තුළම මියගොස් තිබූ අතර, පසුගිය 10 වනදා බඩල්ගම පොලිසියේ නිලධාරීන් එම නිවෙසට යද්දී දරුවාගේ මව, පියා සහ මිත්තණිය නරක් වී දුර්ගන්ධය හමමින් තිබූ දරුවාගේ මළසිරුර සමීපයේ යාඥා කරමින් සිට තිබේ.
Read More »
1 40 41 42 43 44 67