ඉවුම් පිහුම්

චිකන් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍ය

*කටු නැති කුකුල් මස් ග්‍රෑම් 300

*මිරිස් කුඩු මේස හැඳි 1

*ගම්මිරිස් කුඩු මේස හැඳි 2

*පාන්පිටි ස්වල්පයක්

*ලුණු රස අනුව

*ඇලුමිනියම් ෆොයිල් කොළ 1

(තවද තමන් කැමති ඕනෑම තුනපහ වර්ගයක් මෙයට එක්කරගත හැකිය.)

 

සාදන ක්‍රමය

*කුකුල්මස් සෝදා ඊට මිරිස් කුඩු, ගම්මිරිස්, පාන්පිටි හා ලුණු කුඩු එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. (මෙයට පාන්පිටි ස්වල්පයක් එක්කරන්නේ ඉහත මිශ්‍රණය ලිහීයාම වැළැක්වීමටයි.)

*දැන් එම මිශ්‍රණය සොසේජස් හැඩයට අතින් රෝල් කරගන්න.

*මෙසේ සකසාගත් සොසේජස්, ෆොයිල් කොළ කැබලි ගෙන එහි දවටාගන්න. (ෆොයිල් කොළ දෙපස ටොෆි හැඩයට නවාගන්න.)

*දැන් බඳුනකට වතුර එක්කර එය උතුරද්දී මෙම සොසේජස් දමා විනාඩි 30ක පමණ කාලයක් හොඳින් තම්බාගන්න.

*පසුව එය නිවෙන්නට තබා ෆොයිල් කොළයෙන් ඉවත් කොට තෙලේ බැදගන්න.

**මෙය ඉතා රසවත් අතර අඩු වියදමින් ගෙදරදිම හදා රස බලන්නට හැකි ආහාරයකි.

 

විධායක සූපවේදී

දුමින්ද අබේසිරිවර්ධන

B.B.Q. on Wheels, කැන්බරා, ඔස්ට්‍රේලියාව