ඉවුම් පිහුම්

චොක්ලට් ස්විස්රෝල්

අවශ්‍ය ද්‍රව්‍ය :-
*පාන් පිටි 100g ක්
*බිත්තර 4 ක්
*සීනි 125g ක්
*කොකෝවා පවුඩර් මේස හැඳි  3 ක්
*තෙල් 50ml ක්
*කිරි 50ml ක්
*වැනිලා තේ හැඳි 1 ක්
*බේකින් පවුඩර් තේ හැඳි 1 ක්

චොක්ලට් බටර් අයිසිං :-
අවශ්‍ය ද්‍රව්‍ය :-
*බටර් 50g ක්
*අයිසිං සීනී 80g ක් (ඔබේ අවශ්‍යතාව අනුව ප්‍රමාණය වෙනස් විය හැකියි.)
*කොකෝවා පවුඩර් මේස හැඳි 1 ක්
*කිරි තේ හැඳි 1 ක්
*වැනිලා බින්දු 2-3 ක්
දැන් අපි ඊලගට බලමු අපි කොහොමද චොක්ලට් ස්විස්රෝල් හදාගන්නේ කියලා.

සාදා ගන්නා ආකාරය :-
*මුලින්ම බිත්තර සුදු මද හා කහ මද වෙන් කරගන්න.
*දැන් කහ මද , සීනි මේස හැඳි 2 ක් දා ගෙන බීට් කරගන්න.
*එයටම වැනිලා , තෙල් , කිරි වෙන වෙනම එකතු කරගෙන බීට් කරගන්න.
*ඊලගට පාන් පිටි , කොකෝවා පවුඩර් හා බේකින් පවුඩර් එකට හලා ගෙන බිත්තර කහමද එක සමග මිශ්‍ර කරගන්න.
*දැන් අපි බිත්තර සුදු මද වෙනම හොදින් බීට් කරගන්න ඕන.
*ඒ අතරේ බීට් කරගන්න බිත්තර සුදු මද එකට ඉතිරි සීනි ටික එකතු කරගෙන හොදින් බීට් කරගන්න.
*බිත්තර සුදු මද බීට් කරගෙන ඉවර උනාම Spatula එකක් ආධාරයෙන් සුදු මද හා බැටර් එක මිශ්‍ර කරගන්න ඕන.
*දැන් බැටර් එක තැටියට දා ගන්න.
*අපි අවන් එක ප්‍රී හීට් කරගන්න ඕනෙ. දැන් Pre heat කරගත් අවන් එකේ 175°c විනාඩි 10 – 15ත් අතර කාලයක් බේක් කරගන්න.

චොක්ලට් බටර් අයිසිං සාදන ආකාරය :-
*බටර් හොදින් බීට් කරගන්න.
*එයට වැනිලා එක්කර ගන්න.
*අයිසිං සීනී අවශ්‍ය ප්‍රමාණයෙන් බාගයක් දා බීට් කරගෙන ඉන් පසුව ඉතිරි බාගය දා බීට් කරගන්න.
*ඒ අතරතුර කිරි ස්වල්පය බැගින් එක්කරගන්න.
*අවසානයට කොකෝවා පවුඩර් එක්කරගෙන බීට් කරගන්න.

*කේක් එක නිමෙනකන් kitchen towel එකකින් වහලා තියන්න.
*නිවාගත් කේක් එක පාච්මන්ඩ් පේපර් එකක් උඩින් තියා ගෙන අයිසිං එක දා ගන්න.
*මුල්ම ටිකට ටිකක් වැඩිපුර අයිසිං දා ගන්න.
*ඉන් පසුව පාච්මන්ඩ් පේපර් එකත් එක්කම රෝල් කරන්න පටන් ගන්න.
*මැද හරියේදී අතින් රෝල් කරගෙන අවසානයට ඉතිරි වූ අයිසිං අයින් කරගන්න.
*කේක් එක පාච්මන්ඩ් පේපර් එකෙන් හා kitchen towel එකෙන් ඔතා ශීතකරණයේ පැය 2 1/2 තියා ගෙන එළියට ගත් පසුව අවශ්‍ය ආකාරයට කපාගන්න.