ඉවුම් පිහුම්

චොක්ලට් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

බටර් 100g

සීනි 250g

කජු (පොඩියට කපාගත්) 250g

චොක්ලට් 100g

බිත්තර සුදුමද 2

පිටි 25g

කුරුඳු පවුඩර් තේ හැඳි 1/2

කරාබුනැටි කුඩු තේ හැඳි 1/2

අයිසින් සීනි 10g

 

සාදන ක‍්‍රමය

අයිසින් සීනි, චොක්ලට් හැර අන් සියල්ල එකට මිශ‍්‍ර කරගෙන ගොට්ටකට දමාගන්න.

තැටියක් ගෙන අයිසින් සීනි ඉසගෙන, මිශ්‍රණය තැනින්  තැන පයිපිං කරන්න.

එයට උඩින් චොක්ලට් ඉසගෙන 160C උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කරගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා