ඉවුම් පිහුම්

චොක්ලට් කප්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :-
*බටර් 125g ක්
*පාන් පිටි 125g ක්
*බිත්තර 2 ක්
*සීනි 125g ක්
*කිරි තේ හැඳි 1 ක්
*වැනිලා තේ හැඳි 1 ක්
*බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
*කොකෝවා පවුඩර් 30g ක්

සාදන ආකාරය :-
*බටර් හා සීනි බීට් කරගෙන බිත්තර එකින් එක දා ගනිමින් බීට් කරගන්න.
*ඊළඟට වැනිලා ද එක් කරගන්න.
*පිටි ,බේකින් පවුඩර් වලට අමතරව කොකෝවා පවුඩර් එකතු කරලා එකට හලාගන්න ඕන.
*දැන් ඔයාලා අවන් එක ප්‍රී හීට් වෙන්න දාගන්න ඕන.
*හරි දැන් ඔයාලා කේක් හදනවා වගේම තමයි හලාගත්තු පිටි ටික ටික එක්කරගනිමින් බීට් කරගන්න ඕන.
*දැන් අවසාන පිටි ටික spatula එකක් ආදාරයෙන් මිශ්‍ර කරගන්න.
*මතක තියාගන්න ඔයාලා පිටිඑක්කරගනිද්දි හුගක් බීට් කරගන්න යන්න එපා.
*අවසානයට කිරි මිශ්‍ර කරගන්න.ඒකත් ඔයාලට පුළුවන් විස්ක් එකක් ආදරයෙන් හෝ බීටර් එකෙන්ම මික්ස් කරගන්න.
*බේකින් කප් තුලට මිශ්‍රණය දාගනිද්දි කප් එකෙන් 2/3 ක ප්‍රමාණයක් තමයි දා ගන්න ඕන.
*දැන් pre heat කරගත් අවන් එකක 170°c විනාඩි 20ක් බේක් කරගන්න.