නවතම ප්‍රවෘත්ති

CIDය කීත් නොයාර් ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි

පසුගිය රජය සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යයි.

මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර ලබන 17 වන දා විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසේදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට  පැමිණෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.