CIDය-පොලිසියෙන් මාකඳුරේ මධුෂ්ගේ පැටිකිරිය ඉල්ලයි
පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල වාර්තා වී ඇති අපරාධ ක්‍රියාවන් හා ඔවුන්ගේ අනුගාමිකයන් සම්බන්ධ සියලුම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලා ඇත.
රට පුරා පිහිටි පොලිස් ස්ථාන 499ටම මාකඳුරේ මධුෂ්ගේ විස්තර යවන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න විසින් නියෝග කර ඇත.
ජනාධිපතිවරණයෙන් පසුව අඩාළව තිබූ මාකඳුරේ මධුෂ් සම්බන්ධ පාතාල ක්‍රියාකාරකම් සියල්ල වෙනත් මුහුණුවරකින් නැවත කරළියට ඒමත් සමග මෙම වාර්තා කැඳවා ඇත. මාකඳුරේ මධුෂ් හා සම්බන්ධ අපරාධ සිදුවීම්, සාක්ෂි මෙන්ම මධුෂ් වටා සිටි අපරාධ කල්ලි ගැන සියලු තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන ආ මාකඳුරේ මධුෂ් රඳවා ගැනීම් නියෝග මත වසරකුත් මාස තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති අතර මේ වනවිට යළිත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම අරඹා තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
