පොලිසියේ ලොකු පුටු 11 ක් මාරු වෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්රස්ත මර්දන කොට්ඨශයට නව අධ්යක්ෂවරුන් පත් කර තිඛේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා ඇතුලු උසස් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ඒ අනුව ජේ්යෂ්ඨ පොලිස් අධිකාරි ඒ ආර් පී ජේ අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙසද ජේ්යෂ්ඨ පොලිස් අධිකාරි ටී ජී එන් ඩබ් ඩී තල්දුව මහතා ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට ද මාරු කර තිඛේ.
