ඉවුම් පිහුම්

කොෆී කේක් | Coffee cake

අවශ්‍ය ද්‍රව්‍ය :-
* පාන් පිටි 250g ක්
* සීනි 250g ක්
* බටර් 250g ක්
* බිත්තර 4 ක්
* කෝපි තේ හැඳි  3 – 4 ක්
* වැනිලා තේ හැඳි 1 1/2 ක්
* බේකින් පවුඩර් තේ හැඳි 2 ක්
* කිරි පිටි තේ හැඳි 2 ක්
* උණු වතුර මේස හැඳි 3 ක්
අපි මේ හදන්න යන්නේ 1kg කොෆී කේක් එකක්.

සාදන ආකාරය :-
*මුලින්ම ඔයාලා බිත්තර සුදු මද හා කහ මද වෙන් කරගන්න ඕන.

*දැන් වෙන් කරගත්තු බිත්තර සුදු මද හොදින් බීට් කරගන්න.

*ඊලගට කිරිපිටි හා කෝපි උණු වතුර එකට එකතු කරලා මිශ්‍ර කරගන්න.

*දැන් ඔන්න ඔයාලා අපි වෙනදා කේක් හදද්දි වගේම බටර් හා සීනි බීට් කරගන්න.

*ඊලගට පුරුදු විදියටම අපි ගන්න සම්පූර්න බිත්තරය වෙනුවට කලින් වෙන් කරගත් කහ මද එකින් එකින් එක එක්කර ගනිමින් බීට් කරගන්න.

*දැන් වැනිලා ද එක්කරගනිමින් බීට් කරගන්න.

*ඔයාලා දන්නවනේ අපි කේක් හදද්දි බේකින් පවුඩර් එක්ක පාන්පිටි හලා ගන්නවා කියලා.ඉතින් මේ කේක් එක හදද්දිත් අපි ඒ වගේම බේකින් පවුඩර් සමග හලා ගත් පාන් පිටි හලාගන්න ඕනි.

*ඊලගට හලාගත් පාන් පිටි හා හදාගත් කෝපි එක මාරුවෙන් මාරුවට අපි අර කලින් බීට් කරගත් මිශ්‍රණයට එක්කරගන්න.

*අවසානයට අපි කලින් බීට් කරගත්තු බිත්තර සුදු මද මිශ්‍ර කරගන්න.

*බිත්තර සුදු මද එක්කරගනිද්දි Spatula එකක් භාවිතා කරගන්න.

*දැන් හදාගත්තු බැටර් එක තැටියට දාගෙන Pre heat කරගත්තු අවන් එකක 180°c විනාඩි 45ක් පමණ බේක් කරගන්න.

*සීනි ගනිද්දි පොඩි කැට තියෙන සීනි ගන්න.
*පාන්පිටි එක්කරගනිද්දි වැඩිය බැටර් එක බීට් කරන්න යන්න එපා.
*බටර් තෙල් මතු වෙනකන් බීට් කරන්න යන්න එපා.
*ඒ වගේම තමා අවන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් …. ඉතින් මේ වෙලාව ඔයාලගේ අවන් එකේදි සමහරවිට ටිකක් වෙනස් වෙන්න පුළුවන් …. ඒ ගැනත් කල්පනාකාරීව කේක් එක හදන්න….