Latest News

සාප්පු සංකීර්ණ විවෘතයි – සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු (31) වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තබන අතර වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගතයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මෙහිදී කොවිඩ් 19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර, ආයතන තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු අතර එයට තදින් ම අනුගත විය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනු ලැබුවා.

කෙසේවෙතත් මින් පෙර නිවේදනය සඳහන් ව තිබුණේ ඊයේ (18) සිට සාප්පු සංකිර්ණ වසා ඇති බවත් සාප්පු සංකීර්ණ තුළ / පිටත පුද්ගලයින් රැස්වීම හා විනෝදාස්වාදයන්ට අවසර නැති බවත්ය.