ඉවුම් පිහුම්

එළවලු ක්‍රීම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය…

ලූනු 50g

ලීක්ස් (සුදුපාට කොටස) 30g

සැල්දිරි 50g

බටර් 50g

පාන්පිටි 50g

වයිට් ස්ටොක් 2L

නැවුම් කිරි/ක්‍රීම් 250ml/125ml

ගම්මිරිස් රස අනුව

ලුණු රස අනුව

සාදන ක්‍රමය…

එළවලු සියල්ල​ පොඩියට කපාගන්න. (නියම හැඩයක්, ප්‍රමාණයක් අවශ්‍ය නොවේ.)

භාජනයක් ලිප තබා බටර් දමා එළවලු එකතු කර මද වේලාවක් තබා පිටි එකතු කරගෙන වර්ණය නොවෙනස් වන පරිදි බැදගන්න.

එයට ස්ටොක් එකතු කර උතුරනතුරු හැඳි ගා විනාඩි 45ක් පැයක් පමණ මද ගින්දරේ තම්බා බ්ලෙන්ඩ් කර පෙරාගන්න.

නැවත ලිප තබා උතුරන විට පෙණ අස් කරගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධක අධ්‍යක්ෂ – ආචාර්ය පබ්ලිස් සිල්වා