Latest News

Derana Dream Star Season 11මේ 25 වෙනිදා!

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Derana Dream Star Season 11 තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 25 දින සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්මීට නියමිතයි.

2009 සිට මේ දක්වා පැවැත්වුණු Derana Dream Star අවසන් මහා තරඟයන් අතරින් මෙවර තරඟ රාත්‍රිය සුවිශේෂීම තරඟ රාත්‍රියක් වනු ඇතැයි දහසක් Dream Star රසිකයින් විශ්වාසයයි. එයට ප්‍රධානම හේතුව වන්නේ තරඟාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට තරඟකාරියන් තිදෙනෙක් මේ තරු සටනට එක්වීමයි.

ඒ අපූර්වා ආශාවරී, විදූෂා රාජගුරු සහ අංජලී හේරත්. ඉතින් මේ තුන් තරු තරුණියන්ගේ අපූර්වත්වය නැරඹීමට මේ සෙනසුරාදා (25) රාත්‍රී 7.30 ට ටී.වී දෙරණ හා එක්වන්න.