ඉවුම් පිහුම්

Devilled Cake ඩෙවිල්ඩ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
‍ෆ්‍රෙෂ් ක්‍රීම් 225ml
බටර් 225g
සීනි 325g
බිත්තර 5
පිටි 315g
බේකින් සෝඩා 10g
බේකින් පවුඩර් 25g
උණුවතුර 225ml
කොකෝ පවුඩර් 75g

කැරමල් සෝස් එක සඳහා
සීනි 150g
බටර් 75g
‍ෆ්‍රෙෂ් ක්‍රීම් 250ml
විප්ඩ් ක්‍රීම් 150g

සාදාගන්නා ආකාරය

මුලින්ම ‍‍ෆ්‍රෙෂ් ක්‍රීම් ගෙන හොඳින් ඝන වනතෙක් මිශ්‍ර කරගන්න.
සීනි භාජනයකට දමා කැරමල් කරගන්න.
එයට බටර් එකතු කරගන්න.
ඉන්පසුව ‍‍ෆ්‍රෙෂ් ක්‍රීම්ද එකතු කරගන්න.
මිශ්‍රණය නිවුණු පසු විප්ඩ් කරගත් ක්‍රීම් එක දමා සෝස් එක පිළියෙල කරගන්න.

Devilled කේක් එක සඳහා
බටර් සහ සීනි හොඳින් මිශ්‍ර කරගන්න.
එම මිශ්‍රණයට බිත්තර එකින් එක එකතු කරගන්න.
පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා එම මිශ්‍රණයට එකතු කරන්න.
උණු වතුරට කොකෝ පවුඩර් දමා කැට නොගැසෙන සේ හෙඳින් මිශ්‍ර කරගන්න.
කොකෝ පවුඩර් සහ ‍ෆ්‍රෙෂ් ක්‍රීම් ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
අවන් එකකට දමා 170C උෂ්ණත්වයේ විනාඩි 35ක් පමණ බේක් කරගන්න.
සාදාගත් කැරමල් සෝස් සහ අයිස්ක්‍රීම් සමග පිළිගන්වන්න.

————————-
Churros
චූරෝස්

අවශ්‍ය ද්‍රව්‍ය
වතුර 500ml
බටර් 200g
පිටි 300g
ලුණු 10g
සීනි 35g
බිත්තර 9
සිනමන් පවුඩර් 10g
බැදීමට තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම වතුර රත්කර එයට බටර් එකතු කරගන්න.
බටර් දියවූ පසු, නටමින් තියෙන වතුර එකට පිටි, ලුණු, සීනි එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.
එම මිශ්‍රණය නිමෙන්නට තබා බිත්තර එකින් එක එකතු කරමින් හොඳින් කලවම් කරන්න.
මද වේලාවක් තබා මිශ්‍රණය හොඳින් නිවාගන්න.
පයිපින් බෑග් එකක් ආධාරයෙන් මිශ්‍රණය කෙලින්ම ගැඹුරු තෙලට දමා බැදගන්න.
රන්වන් පැහැ ගැන්වූ පසුව තෙලෙන් ගෙන එයට සීනි සහ සිනමන් පවුඩර් මිශ්‍ර කරගන්න.
මෙය චොක්ලට් සෝස් හෝ වැනිලා සෝස් සමග පිලිගන්වන්න.

————————–
Blue Berry Cheese Mousse
බ්ලූ බෙරි චීස් මූස්

Cheese Mousse එක සඳහා
ක්‍රීම් චීස් 500g
අයිසින් ෂුගර් 100g
යෝගට් 100g
වැනිලා 2ml
බිත්තර සුදුමද 5
සීනි 25
විපින් ක්‍රීම් 800g
ග්‍රේට් කරගත් ලෙමන් පොතු
ජෙලටින් 40g

සාදාගන්නා ආකාරය

ක්‍රීම් චීස් සහ අයිසින් ෂුගර් මිශ්‍ර කරගන්න.
යෝගට් ද එයට එකතු කරගන්න.
බිත්තර සුදුමද සහ සීනි හොඳින් මිශ්‍ර කරගන්න.
එය ක්‍රීම් චීස් මිශ්‍රණය සමග එකට එකතු කරගන්න.
ඝනට සාදාගත් විපින් ක්‍රීම් සහ ලෙමන් සාරයද එම මිශ්‍රණයට එකතු කර අවසානයේ ජෙලටින්ද එකතු කර ශීතකරණයේ තබන්න.

Blue Berry Comport එක සඳහා
බ්ලූ බෙරි 150g
සීනි 80
දෙහි ජූස් 5ml
ජෙලටින් 10g

සාදාගන්නා ආකාරය

බ්ලූ බෙරි සහ සීනි එකට දමා බොයිල් කර එයට ජෙලටින් සහ දෙහි යුෂ එකතු කර නිවෙන්නට අරින්න.

පිලිගන්වන ආකාරය

සාදාගත් චීස් මිශ්‍රණය උඩට බ්ලූ බෙරි මිශ්‍රණය වත්කර කැමති හැඩයකට කපා පිලිගන්වන්න.