ඉවුම් පිහුම්

ඩෙවල්ඩ් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය

*චිකන් ග්‍රෑම් 300

*බී ලූනු ගෙඩි 2

*මාලුමිරිස් කරල් 2

*තක්කාලි ගෙඩි 1

*තක්කාලි සෝස් මේස හැඳි 4

*කෑලි මිරිස් තේ හැඳි 2

*සීනි මේස හැඳි 2

*සෝයා සෝස් මේස හැඳි 1

*තලාගත් ඉඟුරු සහ සුදුලූනු මේස හැඳි 2ක් පමණ

*ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණට

*කහ කුඩු ස්වල්පයක්

*එනසාල් කරල් 2/3

*රම්පේ කැබැල්ලක්

 

සාදන ක්‍රමය

*කුකුල් මස් තරමක කැබලිවලට කපා මදක් තම්බාගන්න. (ලුණු, කහ කුඩු ස්වල්පයක් එක්කර)

*දැන් වතුර බේරාගත් චිකන් කැබලි ටික ගැඹුරු තෙලේ බැදගන්න.

*බී ලූනු ගෙඩි දෙක තරමක් ලොකු කැබලිවලට කපාගන්න.

*මාලු මිරිස් හා තක්කාලිද වෙන වෙනම කැබලිවලට කපාගන්න.

*දැන් සාස්පානක් ලිප තබා එයට තෙල් සවල්පයක් එක්කර තලාගත් ඉඟුරු, සුදුලූනු එක්කරගන්න.

*එය රන්වන් පාටට බැදීගෙන එද්දී කපාගත් ලූනු, අමුමිරිස්, රම්පේ, තලාගත් එනසාල් ආදිය එක්කරගන්න.

*ඊටම කෑලි මිරිස් හා ගම්මිරිස්ද එක් කරන්න.

*දැන් සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි හා වතුර මිශ්‍ර කර සාදාගත් සෝස් මිශ්‍රණය ඊට එක්කරන්න.

*ලුණු ගම්මිරිස් රස පදම අනුව එක්කරගන්න.

*සෝස් එක ඝනකමට උකු ගතියට හැරෙද්දී බැදගත් කුකුල්මස් කැබලි ඊට එක්කර කලවම් කරගන්න.

*දැන් තක්කාලිද ඊට එක්කර ලිපෙන් බාගන්න.

**මෙය ඉතාම රසවත් අතර විශේෂ අවස්ථාවකට ඉතාමත් ගැලපේ.

 

ආහාර වට්ටෝරු

විධායක සූපවේදී

දුමින්ද අබේසිරිවර්ධන

B.B.Q. on Wheels, කැන්බරා, ඔස්ට්‍රේලියාව