නවතම ප්‍රවෘත්ති

තරු පිරිවැරූ ‘ධරණී ත්‍රිත්වාලංකාරය’

ධරණී පුවත්පතට අවුරුදු තුන සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ‘ධරණී ත්‍රිත්වාලංකාරය’ පසුගිය 10 වෙනි ඉරිදා ඉතාම උත්කර්ශවත් අන්දමින් නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට සහභාගී වූ සියළු දෙනා හට ලියාපදිංචි වූ පසු කූපන පුරවා දිනුම් ඇදීමක් සිදු කෙරුණු අතර එහි ජයග්‍රාහකයින් හට නොමිලේ නෙළුම් කුළුණ නැරඹීමේ අවස්ථා සහ එවෙලේම විදුලි බිල ගෙවීමේ අවස්ථා හිමිවිණි. ත්‍රිත්වාලංකාරයට පැමිණ සිටි ජනප්‍රිය තරු අතින් එම ත්‍යාගයන් පිරිනැමීම සිදුකෙරිණි.

ඊට අමතරව ධරණී පුවත්පතට ලිවීමට ‘හදට ලියන්නී’ නමින් තරඟ අංගයක්ද, පිට කවරය සැරසීමට ‘රුවැති සිතැත්තී’ නමින් තරඟ අංගයක්ද, නිවේදන දක්ශතා ඇත්තියන් වෙනුවෙන් ‘හැඩට කියන්නී’ නමින් තරඟ අංගයක්ද පැවැත්වුණි.

පස්වරු 04.00 සිට එම පරිශ්‍රය උපේඛා නිර්මාණි ප්‍රමුඛ ‘කොච්චි’ සංගීත කණ්ඩායම හා මෙවර ඩ්‍රීම් ස්ටාර් සිහින තරු අංජලී හේරත්, විදූශා රාජගුරු, අපූර්වා ආශාවරී, හිරුශ ප්‍රනාන්දු ගේ ගීතයෙන් රසවත් විය.