Latest News

Diamond “පෝෂණ සත්කාරය” 2023 ප්‍රතිලාභීන් 5000ක් පෝෂණය කිරීමට උපකාරී වේ

Colombo, Friday 18th August 2023: ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා  තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, අපේ ජනතාවට ඔවුන්ගේ මූලික අවශ්‍යතා  සඳහා  ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහාර සහ පෝෂණය සඳහා  ප්‍රවේශය ශ්‍රී ලංකා රජය ප්‍රමුඛකොට සලකයි. ස්වයංපෝෂිත ජාතියක් බවට පත්වීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට සහාය වීම පුද්ගලික අංශයේද වගකීමකි. එදිනෙදා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නඟාසිටුවීමේ කැපවී සිටින Diamond Best Foods පසුගියදා උඩුනුවර සංවර්ධන භාරය සමඟ එක්ව ප්‍රතිලාභීන් 5000කට නොමිලේ කිරිපිටි ලබාදීමට කටයුතු කළේය..

“පෝෂණ සත්කාරය” 2023 වැඩසටහන 2023 අගෝස්තු 20 වන දින පවත්වන ලද අතර එහිදී මහනුවර සහ කොළඹ තෝරාගත් ප්‍රදේශවලින් තෝරාගත් ප්‍රතිලාභීන් 5000 කට නොමිලේ කිරිපිටි ලබාදෙන ලදී. මෙම සැපයුම 2023 අවසානය දක්වා පවතිනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 20කට වඩා වටිනා කිරිපිටි බෙදාහැරේ.

කලාප අධ්‍යාපන කාර්යාලවල සහාය ඇතිව මහනුවර සහ කොළඹ තෝරාගත් ප්‍රදේශවල ප්‍රතිලාභීන් මේ සඳහා තෝරාගෙන ඇත. ප්‍රතිලාභීන් අතරට 1-5 ශ්‍රේණිය අතර පාසල් දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, අනාථ නිවාස, වැඩිහිටි නිවාස සහ දහම්පාසල් ඇතුළත් වේ.

 

උඩුනුවර සංවර්ධන භාරය ස්වේච්ඡා සමාජසේවා සංවිධානයක් වන අතර එය 2015 වසරේ ආරම්භයේ සිටම පුද්ගලයන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට කැපවී සිටී. UDT යනු වරප්‍රසාද නොලත් ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා සමාන අදහස් ඇති සංවිධාන සමඟ ක්‍රියා කරන ජාතික රාජ්‍ය නොවන සංවිධානයකි.

 

ශ්‍රී ලංකාවේ වසර 60 කට වැඩි කාලයක් ජනහඳ දිනාගත් Diamond Best Foods යනු Diamond කිරිපිටි, Roza පැස්ටා, Diamond ඕට්ස් සහ ටින් මාළු සහ තවත් බොහෝ වෙළඳනාම සඳහා විශ්වාසදායක නාමයකි. Diamond කිරිපිටි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සහ ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව සකසා ඇති අතර SLS සහතිකයද ලබා ඇත. ඉහළම ගුණාත්මක බව සහතික කිරීම සඳහා Diamond කිරිපිටි වෙළඳපොළට නිකුත් කිරීමට පෙර තියුණු තත්ත්ව පරීක්ෂාවන්ට ලක්වෙයි. Diamond කිරිපිටි නවසීලන්තය – ෆොන්ටෙරා වෙතින් ලබා ගන්නා අතර හොඳින් රැකබලා ගන්නා , 100% ස්වභාවික, තණ වලින් පෝෂණය වන ගවයන්ගෙන් දොවා ගනී. Diamond කිරිපිටි පෝෂ්‍යදායී වන අතර මුදලට විශාල වටිනාකමක් ඇති නිසා වෙළඳ නාමයට ජනතාව වෙත ළඟා වීමට සහ වඩාත් කැමති තේරීමක් වීමට හැකි වී තිබේ.

 

“පෝෂණ සත්කාරය” සමාජ සත්කාර වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්, එය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්තකිරීමටත්, අවශ්‍යතා ඇති ප්‍රජාවන්ගෙන් විශාල පිරිසකට ආහාර සහ පෝෂණය සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා ඉලක්ක කරගැනීමටත් ආයතන දෙකම බලාපොරොත්තු වේ. වැඩි විස්තර සඳහා  කරුණාකර 077 788 7888 අමතන්න.