Latest News

ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක්

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් වාර්තා වී ඇත.

කෙල්සි හැචර් නැමැති 32 හැවිරිදි මෙම කාන්තාව මේ වන විටත් ගැබිනියක් වන අතර, ඇගේ ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

බර්මින්හැම් හි ඇලබාමා විශ්ව විද්‍යාලයේ මාතෘ කලල විශේෂඥ වෛද්‍ය රිචඩ් ඩේවිඩ් පවසන ආකාරයට මෙසේ කාන්තාවකට ගර්භාෂ දෙකක් පිහිටීම ඉතාම දුර්ලභ සිදුවීමක් වන අතර ඒ එක් එක් ගර්භාෂයන් තුළ එකවර ගැබ් ගැනීමේ සම්භාවිතාව මිලියනයෙන් එකක් පමණ වන බව වැඩිදුරටත් ඔහු පවසා සිටියා.