ඉවුම් පිහුම්

ගොටුකොළ සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

ගොටුකොළ 250g

සුදුලූනු 40g

අර්තාපල් 40g

සුදුහාල් 40g

මාගරින් 30g

රතුලූනු 20g

සැල්දිරි 20g

ලීක්ස් 20g

කිරි 50ml

වතුර 3L

ගම්මිරිස් රස අනුව

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

ගොටුකොළ වංගෙඩියේ දමා කොටා වතුර ස්වල්පයක් මිශ්‍රකර යුෂ මිරිකාගන්න.

දැන් භාජනයක් ගෙන මාගරින් සමඟ ලූනු, සුදුලූනු, සැල්දිරි, ලීක්ස් දමා තරමක් බැදෙන්න හරින්න.

ඉන්පසු පොඩියට කපාගත් අල සහ සුදුහාල්වලට වතුර ලීටර් 3ක් එක්කොට ගොටුකොළ රොඩු සමඟ පැයක් පමණ මදගින්නේ තම්බාගන්න.

ඉන්පසුව මෙය බ්ලෙන්ඩරයකට දමා කොටගෙන හෝ නෑඹිලියේ හොඳින් පොඩිකර තරමක් හිල් ලොකු පෙනේරයකින් පෙරාගන්න.

නැවත ලිපේ තබා උතුරන විට උඩට එන පෙණ අස්කර කිරි සහ ගොටුකොළ ඉස්ම දමා රත්කර ලුණු සහ ගම්මිරිස් දමාගන්න.

**නිවිති, පොල්පලා, මොණරකුඩුම්බිය, හාතාවාරිය, මුකුණුවැන්න, සැල්දිරි, හීන්බෝවිටියා, වැල්පෙනෙල, ඇඹුල් ඇඹිලිය, සාරණ, ඉරමුසු සුප් මේ ආකාරයට සාදාගත හැක.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා